කතරගම දේවාලයේ ආදායම කෝටි හතලිහයි..

රුපියල් කෝටි පහක පැවති කතරගම දේවාලය ආදායම පසුගිය වසරේදී රුපියල් කෝටි හතලිහක් දක්වා වැඩි කිරීමට හැකි වූ බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතා සඳහන් කරයි.

තමන් බස්නායක නිලමේ ලෙස පත්වන අවස්ථාවේ දේවාලයේ ආදායම වසරකට කෝටි පහක් වූ නමුත් පසුගිය වසරේදී එම ආදායම රුපියල් කෝටි හතළිහ දක්වා ඉහළ නංවීමට හැකියාවක් ලැබුණු බවත් ඔහු පැවසීය.

එහිදී තමන් විසින් සිදු කළේ බොහෝ සුළු දෙයක් බවත් එනම් දේවාලයට ලැබෙන සියලු මුදල් විගණනයට ලක් කිරීම බවත් හෙතෙම කීය.

තමන් දේවාලයට ලැබෙන මුදල් රුපියලක්වත් හොරකම් නොකළ බවත් හොරකම් කරන සල්ලි වලින් දරුවන්ට කන්න බොන්න දීමට තමන් කැමති නැති බවත් හෙතෙම කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »