ගෙදරට ආ මූලධර්මවාදී කතුන් සමඟ එක්ව බිරිඳ ඉදිරිපිට සැමියා නාඩගමක් නටලා !
දියණියටත් අමුතු විදිහට සලකලා
මූලධර්මවාදී ආගමක් දේශනයට සවන් දීමට අකැමැති වූ තම බිරිදට සහ තරුණ දියණියන් දෙදෙනාට ආගම් දේශිකාව සමග එක්ව පහර දුන් සැමියකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති 52 හැවිරිදි සැකකරු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංගීත ගුරුවරයකු බව පොලිසිය සඳහන් කරයි.
පහර කෑමට ලක්වූ මහබාගේ හලන්දුරුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාව මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
දැනට රෝහල් ගතව ඇති කාන්තාව මහබාගේ පොලිසියට පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් කර ඇත. තම සැමියා දැනට මාස කීපයක සිට ගෙන් ගෙට ගොස් ධර්ම ප්රචාරයේ යෙදෙන යම්කිසි ආගමික කල්ලියක් සමග සම්බන්ධකම් පවත්වා ගෙන යමින් නිවෙස තුළදී තමා සහ තම දරුවන් අතර නිතර ගැටුම් ඇති කරගෙන සිටි බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
ඉකුත් දින මෙම ආගමික කල්ලියේ කාන්තාවන් දෙදෙනකු සහ වයස 16 පමණ ළමයකු සංගීත ගුරුවරයාගේ නිවසට පැමිණ එක් කාන්තාවක් ඔවුන්ගේ ධර්මය පිළිබඳ දේශනා කරන්නට පටන් ගෙන ඇත. මේ අවස්ථාවේ සංගීත ගුරවරයාගේ බිරිඳ තමන්ට ආගමක් ඇති නිසා වෙනත් ආගමික දේශනා අනවශ්‍ය බව පවසා ඇත.
මෙහිදී ඉතා ආවේගශීලී ලෙස හැසිරෙමින් එම ආගමික කල්ලියේ කාන්තාවක් සංගීත ගුරුවරයාගේ බිරිඳ සමග තර්ක කරමින්, ඇයට අතින් අතින් පයින් පහර දීමට පටන් ගත් බවත් ඇයගේ සැමියාත් ඇයගේ පැත්ත ගෙන ඇයට බිම දමා පහර දුන් බවත්, මව බේරා ගැනීමට පැමිණි දියණියන් දෙන්නාටත් ආගමික කල්ලියේ අය පහර දුන් බවත් සංගීත ගුරුවරයාගේ බිරිඳ කළ පැමිණිල්ලේ දැක්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශනගේ උපදෙස් මත නිලධාරින් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.
අරුණ