ශ්‍රී ලංකන් එයාර් ලයින් එක කතරගම දේවාලයට විකුණයි ?
මොණරෙක්ගෙන් මෙහෙම හම්බ කරානම් ෆ්ලයිට් ටිකත් දුන්නොත් කොහොම හොයයිද ?
දිනෙන් දින පාඩු ලබන ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය විකිණීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.
විෂය භාර අමාත්‍යවරයා ද කියා තිබුනේ මාස 06 ක කාලයක් එහි කටයුතු නිරීක්ෂණය කරන බවයි .
මේ අතර කෝටි පහක්ව පැවති කතරගම දේවාලයේ වාර්ෂික ආදායම ගෙවුනු වසරේදී කෝටි 40 ක් දක්වා වැඩි වී තිබෙන බව එහි බස්නායක නිලමේවරයා කියා සිටිනවා.
රටක ජාතික ගුවන් සේවය දේශපාලකයින් නිසා පාඩු ලබන අවධියක,දේවාලයක් මෙලෙස ලාබ ලැබීම විශ්මය ජනක නොවන අතර මේ සම්බන්ධයෙන් අපූරු ෆේස්බුක් සටහනක් පලව තිබුනා.
ඉන් කියා තිබුනේ ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සේවයද කතරගම දේවාලයට විකුණා දැමිය යුතු බවයි.
මෙය හාස්‍යජනක කරුණක් වුවත් ,නිවැරදි පරිපාලනයක් තිබේනම් කවර ආයතනයක් වුවත් ගොඩ ගත හැකි වන බව රහසක් නොවේ.