මුරලි-සංගා මතකය අවදි කරන 105 වෙනි නිල් මහ සටනට කන්ද උඩරටත් සූදානම් !

“කන්ද උඩ රට නිල් මහ සටන” ලෙස විරුදාවලිය ලත් මහනුවර ශාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව විදුහල් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟය හෙට (15) සහ අනිද්දා (16) යන දෙදින පැවැත්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට දෙපිලේ පාසල් ප්‍රධානීන් සහ ක්‍රීඩකයින් අද මාධ්‍ය හමුවකට සහභාගි වූ අතර මෙවර වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙනුයේ 105 වෙනි වතාවටයි.

ලෝක පූජිත මුත්තයියා මුරලිදරන්,පියල් විජේතුංග,රුවන් කල්පගේ වැනි නම් දැරූ ක්‍රීඩකයින් ශාන්ත අන්තෝනි විදුහලෙන් බිහිව ඇති අතර සුපිරි පිතිකරු කුමාර සංගක්කාර,නිරෝෂන් දික්වැල්ල,මතීෂ පතිරණ ,ළහිරු කුමාර ත්‍රිත්ව විදුහලෙන් බිහි වූ ක්‍රීඩකයින් වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »