96 ජය සමරන්න සුලෝහිතයින් නොමිලේ දොරටු විවර කරයි

එළැඹෙන මාර්තු 17 වැනිදාට ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 28ක් සම්පූර්ණ වෙයි.

1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග ‍, රොෂාන් මහනාම‍, කුමාර් ධර්මසේන ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙකුම නියෝජනය කළේ ආනන්ද හා නාලන්ද විදුහල්ය.

ආනන්ද නාලන්ද දෙවිදුහල් අතර පී.ද එස්. කුලරත්න කුසලානය වෙනුවෙන් පැවැත්වෙන එක්දින තරඟය කොළඹ එස්.එස්.සි පිටියේ දි පැවැත්වෙන්නේද මාර්තු 17 වැනිදාය.

ලෝක කුසලාන ජය සැමරීමට සමගාමීව මාර්තු 17 වැනිදා උපන් අය වෙනුවෙන් ආනන්ද නාලන්ද එක්දින තරඟය නැරඹීමට නොමිලේ ප්‍රවේශපත්‍ර ලබාදීමට 94 වැනි සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව තීරණය කර ඇත.

එසේම 1996 මාර්තු 17 වැනිදා උපතලැබූ⁣වන් එදින තරඟය නැරඹීමට පැමිණෙන්නේ නම් ඔවුන් නොමිලේ ලබාදෙන ප්‍රවේශපත්‍රවලට අමතරව තෝරාගත් පිරිසකට විශේෂ සමරු තිළිණ ලබාදීමටද නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »