” හාමුදුරුවරු සීයයි – ගිහියෝ දෙසීයයි ” පොහොට්ටුවේ සඟ සමුළුවට පටන් ගද්දිම අබ සරණයි
මහින්ද රාජපක්ෂ මහතා ඇතුලුව පොහොට්ටුවේ නායකයින් ප්‍රවර්ධනය අරමුණු කොට ගත් සඟ සමුලුව ආරම්භයේදීම අසාර්ථක වී තිබෙනවා.
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම ව්‍යාපෘතියේ පළමුවැන්න මහා සඟ සමුළුවක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කර තිබුණද එය මුළුමනින්ම අසාර්ථක වී ඇති අතර ඉකුත් 14 වැනිදා නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මෙම සඟ සමුළුවට සංඝයා වහන්සේ දහසක් සහභාගි කරවීමට කටයුතු සුදානම් කර තිබුණද, අවසානයේ ඒ සඳහා 100 දෙනෙකුවත් සහභාගි වී නොතිබූ බවයි වාර්තා වන්නේ.
සංඝයා වහන්සේ කිහිපදෙනාට අමතරව මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඊට සහභාගි වී තිබිණි.