36 වෙනි සංවත්සරය සෙලාන් බැංකුව අභිමානයෙන් සමරයි

සෙලාන් බැංකුව සිය 36 වෙනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරනු ලැබුවා.

ඊට සමගාමීව මේ දිනවල සෙලාන් බැංකුව විසින් සිදු කරන “පැහැසර ව්‍යාපෘතිය “යටතේ තවත් පාසල් 06 කට පුස්තකාල පරිත්‍යාග කිරීමද සිදු වූවා.

පැහැසර ව්‍යාපෘතිය යටතේ පුස්තකාල අවශ්‍යතා ඇති දිවයිනේ තෝරාගත් පාසල්වලට නවීන තාක්ෂණයෙන් සමන්විත පුස්තකාල ලබා දීම මෙන්ම පවතින පුස්තකාල ප්‍රතිසංස්කරණය කිරීමද සිදු කරනු ලබනවා.

ඒ අනුව සිය සංවත්සරය වෙනුවෙන් අලුතෙන්ම ඉදි කරනු ලැබූ පුස්තකාල 06 ත් සමඟින් මේ වන විට පැහැසර ව්‍යාපෘතිය යටතේ සෙලාන් බැංකුව විසින් පුස්තකාල 231 ක් සිසු දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කොට තිබීම විශේෂත්වයක් .

සංවත්සරය වෙනුවෙන් මෙලෙස අලුතෙන් ලබා දුන් පුස්තකාල 06 තෝරා ගැනීමේදී මෙරට සියලු ප්‍රාදේශීය සජ ජාතික වශයෙන් නියෝජනය කරන්නා වූ දරුවන් තෝරාගෙන ලබා දීම අගය කළ යුත්තක් වන අතර ඒ අනුව මොරටුව,කොච්චිකඩේ,චාවකච්ච්වේරි,කාත්තන්කුඩි,මහනුවර සහ නාරම්මල යන ප්‍රදේශ තෝරාගෙන තිබුනා.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »