ළහිරු උදාරයි සධීරයි බංකුවෙ තියා එක දිගට ෆේල් වුන කුසල් මෙන්ඩිස් අදත් කණ්ඩායමට කැඳවයි
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවෙනි ටෙස්ට් තරඟය අද ආරම්භ වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.
මෙම තරඟය සඳහා පළමු ටෙස්ට් තරඟයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩ්ස් යළිත් වතාවක් කැඳවා ඇති අතර ඔහු සහභාගී වූ අවසන් ටෙස්ට් ඉනිම් 07 දී ලබාගෙන ඇත්තේ ලකුණු 79 ක් පමණයි.
ඒ අනුව එක් ඉණිමක සාමාන්‍ය අගය ලකුණු 11 ක් පමණ වන අතර අංක 03 වැනි ප්‍රධානතම ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු මෙවැනි දුර්වලතාවයන් ප්‍රදර්ශනය කරන විටත් ඔහුට අවස්ථාව ලබා දීම අනුමත කළ නොහැකි අතර කණ්ඩායමේ තවත් කඩුලු රකින්නන් සිටින විටදී මුල් පෙල ක්‍රීඩා කරන ඔහුට කඩුලු රැකීමේ කාර්‍යයද පවරා දී ඇත්තේ ඔහුගේ ස්ථානය ආරක්ෂා කිරීම වෙනුවෙන් බව නම් පැහැදිලියි.
සංචිතයේ සධීර සමරවික්‍රම සහ ළහිරු උදාර ද රැඳී සිටින අතර සධීර සිය අවසන් ටෙස්ට් ඉණිම් 07 තුළ ලකුණු 188 ක් ලබාගෙන තිබුනා.එහෙත් කුසල් මෙන්ඩිස් ලබාගෙන තිබුනේ ලකුණු 79 ක් පමණයි.
ළහිරු උදාර මෙරට පලමු පෙල තරඟ වල ඉතා ඉහළ දක්ශතා දැක්වූ අයෙකු වන අතර කණ්ඩායමේ ඔහු ට අමතරව චන්දිමාල්,සධීර සහ නිෂාන් මධුෂ්ක යන තිදෙනාම කඩුලු රකින්නන් වුවද ඒ අය වෙනුවෙන් ඒ සඳහා තෝරාගෙන තිබුනේද සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස්මය.