“අනේ ඇයි අක්කේ ඔයා ගඟට පැන්නේ ” මහ රෑ කලුවරේම ඇවිත් වැරදි තැනකට පැන්න තරුණියව බේරාගත් උතුම් මිනිසුන්
තමා පැමිණි පා පැදිය නවතා ගඟට කියා සිතා ගං ඉවුරට පැන්න තරුණියක් බේරාගැනීමට ඊයේ ගම්වාසීන් පිරිසක් සමත් වී තිබෙනවා.
මහවැලි ගඟ මතින් ඉදිකොට ඇති වේරගංතොට පාලමෙන් ඇය මෙලෙස පැන ඇති අතර තරුණිය මානසික රෝගයකින් පසුවන බවයි වාර්තා වන්නේ.
කලුවරේම ඇය මෙලෙස පැනීමට සූදානම් වන බව දුටු පිරිසක් පැමිණියත් ඇය පහලට පැන තිබෙනවා.ඇයව රෝහල්ගත කොට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.