“අපිට චිකන් රයිස් 20 ක් ඕනේ !ඩෙසර්ට් වල සල්ලිත් දෙන්න ” හමුදාවේ නම විකුණමින් අවනහලක් රැවටූ හොරෙක් මෙන්න
තමන් යුධ හමුදාවට සම්බන්ධ බවට පවසමින් එක්තරා අවන්හලකට ඇනවුමක් භාරදී ඔවුනට රුපියල් 30,000 කට අධික මුදලක් වංචා කල අයෙකු පිලිබඳව වාර්තා වෙනවා.
එම සිදුවිම අදාළ අවන්හලේ ෆේස්බුක් පිටුවේ පලකොට තිබුනේ මෙලෙසින්.
2024.03.27
කැෆේ එකට කෝල් එකක් ආවා මෙන්න මේ නම්බර් එකෙන් 076 549 7994 දවල් 1.57 ට ගනේමුල්ල කමාන්ඩෝ කෑම්ප් එකෙන් කියලා , චිකන් රයිස් 20ක Oder එකක් දැම්මා, ලොකු ඕඩර් එකක් නිසා ඇඩ්වාන්ස් එකක් නොගෙන එහෙම කරන්න බෑ ඇඩ්වාන්ස් එකක් දාන්න කිව්වම එයාගෙ නමකුයි රෑන්ක් එකකුයි කියලා ආවම ෆුල්පේමන්ට් එක Cash වලින් දෙන්නම් කියලා, ඊටපස්සෙ ඩිලිවර් කරලා දෙන්න පුලුවන්ද අහලා. අපි එහෙම ඩිලිවරි නොකරන නිසා අපේ අය කියලා තිබුනා අපි ඩිලිවරි නම් කරන්නෙ නෑ ඇවිත් ගන්න කියලා.
එතකොට පුලුවන් නම් හෙල්ප් එකක් විදියට මේක කරන්න, ගේට් පාස් එහෙම දාන්න ඕනෙ එලියට එන්න වගේ බයිල ටිකක් කියල අහපු නිසා අපෙ අය Ok වෙලා තිබුනා.
ඉන්පස්සෙ ආයෙ හවස 3 ට වගේ ඩෙසර්ට් වගයක් අරන් එන්න ඒකට 9800ක් දාන්න කියලා. ආව ගමන් අපේ බිල් එක Rs30,000 යි , ඒ 9800, ට්‍රාන්ස්පෝට් එකයි පේ කරන්නම් කියලා, අපේ අය කියලා තිබ්බ එහෙම නම් සල්ලි දාන්න බෑ Owner ත් කැෆේ එකේ නෑ ඒනිසා බෑ කියලා. ඊටපස්සෙ පුලුවන්නම් හෙල්ප් එකක් විදියට ඒක දාල එමින් ගමන් ඩෙසර්ට් ටිකත් අරන් එන්න කියලා. එහෙම අහද්දි අපෙ අය කොහොමත් දැන් ඕඩර් එක අරන් යනවනෙ එතකොට ගන්න පුලුවන්නෙ කියල 2500ක් වගේ තියනවා ඒක පේ කරන්නම් කියලා ඕඩර් එක අරන් යන ගමන් ඒ එවපු එකවුන්ට් නම්බර් එකකට 2500ක් දාලා. (මේ ss වල තියෙන්නෙ ඒ එකවුන්ට් නම්බර් එක)
අපෙ අය යනගමන් ඒක දාලා කෝල් කලාම කියලා අපෙ ජීප් එකක් කැෆේ එක ලඟට එනවා. ඔයාල යන්න එතනින් ඒක ගනී කියලා. ඉන් පස්සෙ අපි කෝල් ගත්තට ඒ නම්බර් එක වැඩ නැහැ.
ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමන්ට් එකට
ගනේමුල්ල කමාන්ඩෝ කෑම්ප් එකට දෙකටම කෝල් කරලා විස්තර කිව්වා එහෙම කෙනෙක් නම්බර් එකක් නෑ කියල තමයි කිව්වෙ. ඒ දෙකටම අපට කෝල් ආපු නම්බර්ස් , එවපු එකවුන්ට් නම්බර්ස් ඩීටේල් ඔක්කොම එක්ක කම්ප්ලේන් කලා. සහ කිරිබත්ගොඩ පොලිසියට මේ සියලුම විස්තර එක්ක කම්ප්ලේන් කලා
මෙතන අපේ පැත්තෙන් වුන වැරදි 03
1. ඇඩ්වාන්ස් එකක් නොගෙන ඕඩර් එක ප්රිපෙයා කරපු එක
2. ඩිලිවරි නොකරත් හෙල්ප් එකක් විදියට ඩිලිවරි කරන්න හා කියපු එක
3. හෙල්ප් එකක් විදියට කියලා ඩෙසර්ට් අරන් එන්න උන්ගෙ එකවුන්ට් එකකට සල්ලි දාපු එක
හවස ආයෙ කෝල්ස් ගත්තට පස්සෙ මොකුත් නොවුන ගාණට කව්ද මේ කොහෙන්ද මේ වගේ දේවල් එක්කම හරි අපහාසාත්මක කතා ටිකකුත් ඇහුනා. මේ නම්බර් එක Truecaller එකේ සර්ච් කලාම එන්නෙ dasun karunaratne කියලා.
ඉතිං මචං දසුන්,
උඹ කවුද කියන්න අපි තාම දන්නෙ නෑ, හැබැයි උඹ අපේ, සහ අපේ ස්ටාෆ් එකේ මෝඩ විදියට උණුවෙන හොඳ හිත ගැන අනිවාර්යෙන්ම දන්න එකෙක් වෙන්න ඕනෙ. මේ අමාරු කාලෙ 30,000ක ඕඩර් එකක් කියන්නෙ ලේසි නම් නෑ. හැබැයි උඹට මොක්සුව පිණිස පාරෙ ඉන්න අයට හරි අපි ඒ ටික දෙනවා. 2500 නම් අපි උඹේ පාත්තරේට දාලා ගියා කියලා හිතාගත්තා.
මේක මෙහෙම දාන්නෙ මේ වගේ ගනේමුල්ල කමාන්ඩෝ කෑම්ප් එකේ නම විකුණලා ඕඩර් ඉල්ලුවොත්, සල්ලි ඉල්ලුවොත් Cafe Luna අපි මෝඩ උනා වගේ මෝඩ වෙන්න එපා කියන්න. අපි එක්ක දවසක් හරි ඉඳපු Customers ලා දන්නව අපි කොහොමද එයාලට සලකන්නෙ කියලා.සල්ලි මදි උනත් ආයෙ එද්දි ගෙනත් දෙන්න කියන ජාතියෙ “මිනිස්සු” Luna එකේ ඉන්නෙ , පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එක කාගෙද, මේ එකවුන්ට් ඩීටේල් වල අයිතිකාරයෝ කවුද කියන එක ගැන පොඩිහරි clue එකක් ගන්න උදව් කරන්න…. police complain එකෙන් එයාලා action එකක් ගන්නකන් අපිට පුලුවන් විදියට හොයලා මූණ බලාගන්න ආසයි.
ඉතිං අපි පස්සෙන් පන්න පන්න Return දෙන්න හොයන්නෙ නෑ 2500ට හිඟන වැඩ කරන තුප්පහි ජාන වලට. mr.Dasun මෙහෙම හරි හොයන්නෙ බය සැක නැතුව කමාන්ඩෝ කෑම්ප් එකක නමත් විකුනලා මෙච්චර ලොකු ආතල් එකක් දීපු ඔයා කව්ද කියල අඳුනගන්න