ජනපති සටනේදී රාජපක්ෂවරු පරද්දන්න තවත් රාජපක්ෂ කෙනෙක් එන ලකුණු ?

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින ලෙස තමන්ට ඉල්ලීම් රැසක් ලැබෙමින් ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය මහනාහිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයන් මෙන්ම විවිධ පාර්ශ්වයන් තමන්ගෙන් මෙම ඉල්ලීම දිගින් දිගටම කරමින් සිටින බවද ඔහු පැවසීය.
එම සියලු පාර්ශ්වයන් සමඟ තමන් මේ වන විටත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඇතැයිද ඔහු සඳහන් කරයි.
ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය සුදුසු තීන්දුවක් තමන් අවසාන වශයෙන් ගැනීමට සූදානමින් සිටින බවත් අධිකරණ ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ අස්ගිරිමල් වල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය අමතමිනි.