අනුර දිනුවත් සජිත් දිනුවත් අනිත් පහුවදාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෙදර යවන්න සියල්ල සූදානම් ?
ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවීම දක්වා කාල සටහනක් සමගි ජන බලවේගය හා ජාතික ජනපද වේගය මේ වන විට සකස් කොට අවසන්ව ඇති බව වාර්තා වෙයි.
බොහෝ දුරට ජනාධිපතිවරණය ඔක්තෝබර් 12 වැනි දින පවත්වනු ඇති බවට එම පක්ෂ දෙකම අනුමාන කරයි.
ඒ අනුව නව ජනාධිපතිවරයා ඔක්තෝබර් 14 වැනි දින දිවුරුම් දීමට නියමිතය.
අනතුරුව එදින කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමටත් ඔක්තෝබර් 15 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මෙම පක්ෂ දෙකම කාලසටහන් සකස් කර ඇතැයි ද ආරංචි මාර්ග වාර්තා කරයි.