ලක් අම්මට අමාරු නිසා තරුණයෙක් රට යවන්න හදපු දමිතාව හොයාගන්න එක දැන් පොලිසියටත් අමාරු දෙයක් වෙලා
රට යවන බව පවසා තරුණයෙකුගෙන් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් දමිතා අබේරත්න මහත්මිය සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබෙනවා.
මේ වන විට ඇය බොරලැස්ගමුවේ පිහිටි ඇගේ නිවසේද නොමැති අතර තමාව අත් අඩංගුවට නොගන්නා ලෙසට ඇය විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.