රුසියාවේ ප්‍රතිමාවක පියයුරක් කරකවා ලංකාවට ඇවිත් හැංගිලා ඉඳලා !
රුසියාවේ සුප්‍රසිද්ධ යුද ප්‍රතිමාවක පියයුරක් කිතිකවා පසුව ශ්‍රී ලංකාවේ සැඟවී සිටි තරුණියකට රුසියාවේදී මාස දහයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ බලපෑම්කරන්නියක ලෙස ප්රකටව සිටි ඇලේනා ඇගෆොනෝවා නම් 23 හැවිරිදි තරුණියකටය.
නිරිතදිග රුසියාවේ වොල්ගොග්රෑඩ්හි පිහිටි The Motherland Calls නම් ස්මාරකයේ දකුණු පියයුර කිති කැවන ආකාරය පෙන්නුම් කරන වීඩියෝවක් පසුගිය වසරේ ඇලේනා ඇගෆොනෝවා විසින් ඉන්ස්ටග්‍රෑම්හි පළ කර තිබේ.
මෙම වීඩියෝව එකල ජනතාව කෝපයට පත් කරවූ අතර ඇයගේ ක්‍රියාව හේතුවෙන් ඇයට වසර පහක සිර දඬුවමක් නියම කළ හැකි බව පෙබරවාරි මාසයේදී ප්‍රකාශ විය.
එම ස්මාරකය, අඩි 279ක් උස කඩුවක් අතින් ගත් කාන්තාවකගේ ප්‍රතිමාවක් වන අතර එමගින් දෙවැනි ලෝක යුද්ධයේ වඩාත්ම වීර කාව්‍ය සටන්වලින් එකක් වන “ස්ටාලින්ග්‍රෑඩ් සටනේ වීරයන්” අනුස්මරණය කරයි.
එය 1967 දී ලොව උසම පිළිමය ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එය ආසියාවෙන් පිටත නැගෙනහිර අර්ධගෝලයේ ඇති උසම ප්‍රතිමාව ද වේ.
අධිකරණ නියෝගය අනුව ඇගෆොනෝව සිරදඬුවම් කාලය තුළ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇති අතර වසර දෙකක සමාජ මාධ්‍ය තහනමක් ද පනවා තිබේ.
එසේම ඇයගේ අනාගත ඉපැයීම්වලින් 10%ක් දඩයක් ලෙස රජයට ගෙවීමට සිදුවනු ඇත.
කෙසේවෙතත්, ව්ලැඩිමීර් පුටින් නායකත්වය දෙන රුසියාවේ අධිකරණ දෙන අනෙකුත් තීන්දු හා සසඳන විට මෙම දඬුවම බලාපොරොත්තු වූවාට වඩා අඩු එකකි.
උපුටා ගැනීමකි