අවුරුද්දට පොහොට්ටු මන්ත්‍රීට බුලත් දී වැඳ රාජකාරි ඇරඹූ පොලිස් ලොක්කෝ
කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා පසුගිය අවුරුදු දා අවුරුදු කෑම මේසයක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ද එක්ව සිටීම මේ වන විට බොහෝ දෙනාගේ කතා බහට ලක්වී තිබෙනවා.
වාර්තාවන ආකාරයට බෝගමුව සහ මැල්සිරිපුර පොලිස් ප්‍රධානීන් මෙම පොහොට්ටු මන්ත්‍රීවරයා හමුවී නව වසරේ රාජකාරි කටයුතු අරඹා තිබෙනවා.
ස්වාධීනව ජනතාවගේ සේවය වෙනුවෙන් කැපවිය යුතු පොලිසිය වැනි ආයතනයක් මෙලෙස මන්ත්‍රීවරුන් වන්දනාමාන කිරීම අනුමත කල නොහැකි බවයි මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනා කියා සිටින්නේ.
උපුටා ගැනීම – Lanka X news facebook