දවල්ට කන්න කියා පොහොට්ටු මැයි රැළියට යන බස් එකකට කෑගල්ලේදී තරුණයෙක් හොරෙන්ම තණ කොළ මිටි දෙකක් දාලා
අද කොළඹදී පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි රැලියට සහභාගී වීමට නියමිත පිරිසකට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
කෑගල්ල දිස්ත්රික්කයට නුදුරු ගමකින් මෙය වාර්තා වෙන අතර ඊයේ රාත්රියේ අදාළ බස් රථය සෝදා පිරිසිදු කොට ඇත්තේ අද කොළඹ බලා පැමිණීමේ අරමුණෙන්.
එහෙත් උදෑසන බස් රථයට ගොඩ වූ විට කොන්දොස්තර මහතාට දැක ගැනීමට හැකි වී ඇත්තේ කවුරුන් හෝ විසින් එම බස් රථයට තණ කොළ මිටි කිහිපයක් දමා ඇති බවයි.
“දවල් කෑමට ගන්න” යනුවෙන් ලියූ කොල කැබැල්ලක්ද ඒ අසල තිබී ඇති අතර ප්රදේශයේ තරුණයෙකු හෝ යම් පිරිසක් විසින් මෙය සිදු කරන්නට ඇති බවටයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් සිදුවීම දුර දිග නොගොස් ඇති බවයි වාර්තා වන්නේ.