කලු සුදු ටෙලි තිරය රන් හුයෙන් හැඩ කළ සිතුවම්කරු ඔහුමැයි…!
ඉස්සර අපේ ගමේටම තිබුනේ එකම එක ටීවි එකයි.පොල් කොළ වලින් වියාපු හීනි පාට පාට තීරු තියෙන පැදුරත් එලාගෙන අපි ඉතින් ඕක දිහා ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.
ඒ කාලේ අද වගේ ස්මාර්ට් නොවුන ලෝකෙක ,ලෝකෙ තියෙන දේවල් හරි ස්මාර්ට් විදිහට අපිට පෙන්නුවේ ජාතික රූපවාහිනිය තමයි.
ඒ තේමා නාදය අදටත් ඇහෙනකොට පොඩි කාලෙට හිත දුවගෙන යනවා..ඒ වෙලාවට කොහේ හිටියත් මොන වැඩේ තිබ්බත් කුඹුරේ නියර උඩින් දුවගෙන ගිහින් එක හැල්මෙ නතර වෙන්නේ ටීවි එක ඉස්සරහා.
මහ කැළේ මැද්දෙන් අමුඩ කොටයක් ගහගෙන එන රණාව අදටත් අපිට එක්තරා වීරයෙක්.රූප පෙට්ටිය ඇතුළට අපිටත් යාගන්න පුලුවන් වුනානම් අපි ඉන්නෙත් රණාගේ පැත්තෙමයි කියලා ඕන තරම් අපේ හිත කියනවා…බර සාර ප්‍රශ්න නොතිබ්බ ඒ වගේ දවස්වලට අපේ ජීවිතේ ගෙවෙන්නෙත් රණා-පාලි ආදර අන්දරයත් එක්කමයි.
ඒ තරමටම ඒ චරිත පොඩි කාලේ අපේ ජීවිත එක්ක යා වෙලා තිබ්බා.
දඬුබස්නමානය පටන් ගන්න හැම වෙලාවකම ටීවි එකේ ඉස්සරහ පෙන්නන ටිකක් වෙනස් විදිහේ ලාංජනයක් දිහා අපි ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.
ටෙලිවිව්…ඒ මොකක්ද ඒ..
ඒක එතනින් නතර වෙන්නේ නෑ..ඊට පස්සේ පවුලේ හැමෝම හරි ආසාවෙන් බලන හැම නාට්‍යකම ඔය ලාංජනය පේන්න තියෙනවා.
ඒත් එක්කම යටින් පෙන්නන තව නමක් තියෙනවා..සුනිල් රත්නායක කියලා..අපිට දැනුම් තේරුම් එනකොට ටිකෙන් ටික තේරෙනවා ,ආ..ටෙලිවිව් කියන්නෙත් ,සුනිල් රත්නායක කියන්නෙත් දෙන්නෙක් නෙවෙයි,එක්කෙනෙක් කියලා..
ටෙලිවිව් හදපු ටෙලි කතා හරි අපූරුයි..ඒ වෙනුවෙන් අපේ රටේ ඉන්න දැවැන්ත අධ්‍යක්ෂකවරු සම්බන්ධ වෙලා තිබුනා.
ඒ කාලේ මට තිබුන රහසක් තමයි ,වෙනස් රහකට ටෙලි නාට්‍ය හදන්න තරම් සුනිල් රත්නායකයන්ගේ ටෙලි රහ වෙනස් එකක් නේද කියන එක.පස්සේ ඒ රහසත් හෙළිවුනා.
එතුමගේ බාල කාලය ගෙවිලා තියෙන්නේ බදුල්ල බණ්ඩාරවෙල මුල් කරගත්ත වෙල්ලස්සේ..ඉතින් වෙල්ලස්සේ මිනිස්සුන්ගේ ඒ ගැමි රසය , සුරසක් වෙලා ටෙලි රසිකයින්ව රසවත් කරන්න ඔහු සමත් වෙලා තියෙනවා.
අපිට හරි රහට විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය හදපු සුනිල් රත්නායකයන්ගේ ටෙලිවිව් සම්ප්‍රාප්තියට මේ අවුරුද්දට දශක හතරයි.පොඩි දරුවෙක් හරි පරිස්සමට ආදරෙන් බලාගෙන අවුරුදු හතළිහක ලොකු මිනිහෙක් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.ටෙලිවිව් සන්නාමය අද ඉන්න තැන දැක්කම සුනිල් රත්නායක ඒ කටයුත්ත හරි අපූරුවට පරිස්සමට කරලා තියෙන වගට තවත් කතා කුමට ?
ඉතින්..දේවතා එළි මේ සතියෙදි දිග හැරෙන්නෙත් ඒ වෙනුවෙන්මයි.
මන් හිතන්නේ එදා කලු සුදු රූප තිරයෙන් ටෙලි නාට්‍ය බලපු අනූව දශකයේ අපි වගේම ,ඊට උඩ දශකවල අපි හැමෝටමත් එදාට නෙළුම් පොකුණේ වාඩිවෙලා ඉන්න පුලුවන්නම්,පොඩි කාලේ සාලෙට වෙලා ටීවි එක දිහා ඇස් විසල් කරන් බලන් හිටපු සුන්දර අතීතයට හෝරා කිහිපයකට අපිව අනිවාර්යයෙන්ම අරගෙන යාවි..! ජීවිතේ ඒ තරම් මිහිරකින් අපිව ආපස්සට කැටුව යන දවස වෙනුවෙන් ඔබේ අසුනත් වෙන් කරගන්න ,මේ අංකවලට ඔබේ දුරකථනයෙත් ඉඩක් වෙන් කරන්න.
075 7334401 / 0777033603 /0759497130