BPJSL Gems, GemLUX™ තාක්ෂණය හඳුන්වාදෙමින් මැණික් සත්‍යාපනය සහ ප්රභවය විප්ලවීය වෙනසකට ලක් කරයි
රත්නපුර, ශ්‍රී ලංකාව (2024 මැයි 30) – වසර 152 ක් පැරණි B.P. De Silva Holdings හි සම්පූර්ණයෙන්ම
අයිති සමාගමක් වන B.P. De Silva (Pvt) Ltd (BPJSL) විසින් Gem Tower හිදී සහෝදර සමාගමක් වන
Porolis Technologies විසින් නිර්මාණය කරන ලද GemLUX™ පද්ධතිය දියත් කිරීම නිවේදනය කළේය. මෙම
අති නවීන ප්‍රවේශය කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කර ගනිමින් මැණික් කර්මාන්තය නව්‍යකරණය කරයි.
මෙම අවස්ථාවට බී.පී. ද සිල්වා හෝල්ඩිංග්ස් (B.P. De Silva Holdings) හි සභාපති සුනිල් අමරසූරිය (Sunil
Amarasuriya) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මැණික් ගල් තක්සේරු කිරීමේ වේගය සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා GemLUX™ මගින් අන්වීක්ෂීය
ඡායාරූපකරණයේ සහ AI හි අති නවීන තාක්ෂණය මැණික් විද්‍යාවේ (Gemology) යෙදීම සඳහා ඒකාබද්ධ කරයි.
මෙම නව්‍ය ප්‍රවේශය ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර වැඩි විනිවිදභාවයක් සහ විශ්වාසයක් ඇති
කිරීමෙන් කර්මාන්තය පරිවර්තනය කිරීමට සූදානම් වේ.
මැණික් කර්මාන්තයේ නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීමේ සාක්ෂියක් වන GemLUX™
පද්ධතිය හඳුන්වා දීමට අපි සතුටු වෙමු,පොරෝලිස් ටෙක්නොලොජීස් (Porolis Technologies)හි ප්‍රධාන
විධායක නිලධාරී වින්සන්ට් වොන්ග් (Vincent Wong) මහතා පැවසීය. උපයෝගී කර ගනිමින්, අපි පතල්
කම්කරුවන් සහ මැණික් වෙළෙන්ඳුන්ගේන් සිට පාරිභෝගිකයින් දක්වා සෑම කෙනෙකුටම මැණික් ගල්වල
ගුණාත්මකභාවය පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට අවශ්‍ය මෙවලම් ලබා දෙන්නෙමු."
GemLUX™ පද්ධතියේ කේන්ද්‍රස්ථානයේ දී, බුද්ධිමත්, AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙවලමක් මැණික්
ඡායාරූප සහ දත්ත විශ්ලේෂණය කර ඒවායේ අනන්‍යතාවය සහ සත්‍යතාව පිළිබඳ නිවැරදි සහ විශ්වාසදායක
තොරතුරු මෙන්ම එහි අද්විතීය ඩිජිටල් ඇඟිලි සලකුණක් (Digital Finger Print) නිර්මාණය කරයි. පද්ධතියේ AI
ආකෘති, මැණික් 60,000 කට අධික දත්ත කට්ටලයක් පුහුණු කර FGA- සුදුසුකම් ලත් මැණික් විශේෂඥයින් විසින්
ලේබල් කර ඇත. BPJSL Gems සහ Porolis Technologies අනාගතයේදී GemLUX™ පද්ධතිය සමඟ
බ්ලොක්චේන් (Blockchain) තාක්ෂණය භාවිතා කර ස්මාර්ට් ගිවිසුම් (smart contract) සැපයීමට අදහස් කරන
අතර, එමඟින් මැණික් පතල් කම්කරුවන්ට ගලක් සෑම ගනුදෙනුවකින් සහ නැවත විකිණීමෙන් ප්රතිලාභ ලබා ගැනීමට හැකි වන අතර ශ්‍රී ලංකාව සහ මැණික් පතල් කැණීමේ ප්‍රජාවට අමතර ආදායමක් උපයා ගත හැකිය.
BPJSL Gemsහි මැණික් කර්මාන්තයේ දැනුම, එහි ස්වර්ණාභරණ නිෂ්පාදන විශේෂඥතාව සහ ශ්‍රී ලංකාවේ
ප්‍රමුඛතම මැණික් විද්‍යාගාරය වන Gemological Institute of Colombo (GIC) සමඟ හවුල්කාරිත්වය මෙම
ඩිජිටල් පරිවර්තනය (Digital Transformation) කිරීමට ඉවහල්වේ.
GIC හි උපදේශක සහ ජපාන ජර්මනියේ Gemological Laboratoryහි අධ්යක්ෂ මසාකි ෆුරුයා (Masaki
Furuya) මහතා "සම්භවය තීරණය කිරීම සහ ශ්‍රී ලංකාවට එහි ධනාත්මක බලපෑම" ("Origin Determination
and Its Positive Impact to Sri Lanka") යන මැයෙන් දේශනයක් පැවැත්වීය. මිලකරණය සහ පාරිභෝගික
විශ්වාසය කෙරෙහි ඇති කරන බලපෑම අවධාරණය කරමින්, මැණික් ගල්වල මූලාරම්භය තීරණය කිරීමට භාවිතාක රන විද්‍යාත්මක ක්‍රම පිළිබඳව ඔහු සාකච්ඡා කළේය. මැණික් ගලක මූලාරම්භය එහි වටිනාකමට සැලකිය යුතුලස බලපාන බව ඔහු අවධාරණය කළ අතර, ඇතැම් ප්‍රදේශවල, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ගල් ඒවායේ දුර්ලභත්වය සහ භූ විද්‍යාත්මක ලක්ෂණ නිසා වැඩි මිලක් ගෙන එයි. සෑම විටම එවැනි සම්භවය පිළිබඳ සහතික
සාක්ෂි ලෙස BPJSL Gems මිලදිගන්නා නිල් මැණික් සමඟ උපයොගි කරගනි.
Sunil Amarasuriya මහතා ශ්‍රී ලංකා මැණික් කර්මාන්තයේ වෙනසක් සඳහා ඔහුගේ කැපවීම නැවත
අවධාරණය කළේය. ශ්‍රී ලාංකික සම්භවය සහ සදාචාරාත්මක පතල් කැණීම් ක්‍රම සහතික කිරීමෙන්, ඔහු ශ්‍රී
ලාංකික මැණික් වල ජාත්‍යන්තර කීර්තිය වැඩි දියුණු කිරීමට සහ රටට තරඟකාරී දාරයක් ලබා දීමට ඉලක්ක කරයි.
මැණික් ව්‍යාපාර හිමියන් සහ පතල් කම්කරුවන් විසින් මෙම සිදුවීම හොඳින් පිළිගනු ලැබූ අතර, කර්මාන්තය උසස්
කිරීමට සහ ආදායම් උත්පාදනය වැඩි කිරීමට BPJSL Gems දරන උත්සාහය අගය කළහ.
BPJSL Gems ගැන
B.P. De Silva Jewellers Sri Lanka (BPJSL) යනු සිංගප්පූරුවේ B.P. De Silva Jewellers සඳහා ප්‍රධාන
ස්වර්ණාභරණ නිෂ්පාදකයා වන අතර එය වසර 152ක් පැරණි ව්‍යාපාරයකි. BPJSL මෑතකදී ශ්‍රී ලංකීය නිල්
මැණික් ව්‍යාපාරයට පිවිසි අතර නිසි මානව හිමිකම් පිළිවෙත් සහිත සදාචාරාත්මකව කළමනාකරණය කරන ලද
පතල් වලින් නිල් මැණික් මිලදී ගැනීම සහතික කරයි. BPJSL Gems ලෙසින් හඳුන්වන මෙම නව මෙහෙයුම ශ්‍රී
ලංකාවේ රුවන්පුරවන, රත්නපුර Gem Tower හිදී ස්ථාපිත කරන ලදී. මූලාශ්‍රය වෙත කෙලින්ම ගොස් මැණික්
පතල් කම්කරුවන්ට හොඳම වටිනාකම ලබා දීම, ඔවුන්ගේ ජීවන රටාව වැඩිදියුණු කිරීමට උපකාර කිරීම, වසර 152
ක් පැරණි ව්‍යාපාරයේ නිර්මාතෘගේ දැක්මකී.
B. P. De Silva Holdings Pte Ltd ගැන
B. P. De Silva Holdings Pte Ltd යනු වසර 150 කට අධික උරුමයක් සහිත විවිධාංගීකරණයවූ සමූහ
ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය ආරම්භයේ සිටම මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ ක්‍රියාකාරීව නිරත වී
ඇති අතර එහි දිගුකාලීන ව්‍යාපාරික වටිනාකම් ආරක්ෂා කරන අතරම ගුණාත්මකභාවය, නවීනත්වය සහ නවතම
තාක්ෂණය සඳහා කැපවී සිටී.
කොළඹ මැණික් ආයතනය, Gemological Institute of Colombo Pvt. Ltd ගැන
2005 දී ආරම්භ කරන ලද GIC, 1872 දක්වා දිවෙන ඉතිහාසයක් ඇති සමාගමක් වන B. P. De Silva Holdings
Pte Ltd, Singapore හි අනුබද්ධ ආයතනයකි. GIC නවීනතම උපකරණ භාවිතා කරමින් සහ ජාත්‍යන්තර
ප්‍රමිතීන්ට අනුකූලව විශ්වාසදායක මැණික් හඳුනාගැනීමේ සහ සහතික කිරීමේ සේවා සැපයීම සඳහා කැපවී සිටී.
GIC සහ එහි සේවාවන් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට, කරුණාකර ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න
https://www.gicolombo.com/.
මාසාකි ෆුරුයා (Masaki Furuya) ගැන
Masaki Furuya යනු වසර 30 කට අධික පළපුරුද්දක් ඇති ගෝලීය මැණික් කර්මාන්තයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකි.
ඔහු ජපන් වෙළඳපොළට ජර්මානු agate cameos හඳුන්වා දීමට උපකාරී වී ඇති අතර මැඩගස්කරයේ මැණික්
පතල් කැණීම අධීක්ෂණය කර ඇත. ෆුරුයා මහතා සදාචාරාත්මක භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ
ගෝලීය ජාලය උපයෝගී කර ගනිමින් මැණික් වෙළඳාමේ විනිවිදභාවය සහ නිසි හෙළිදරව් කිරීම සඳහා දැඩි
උපදේශකයෙකි.
පොරෝලිස් ටෙක්නොලොජීස් (Porolis Technologies) ගැන
Porolis Technologies Pte Ltd සමාගම සම්පූර්ණයෙන්ම B.P. De Silva Holdings Pte Ltd, සිංගප්පූරුව
සතු සමාගමක් වන අතර, එය, මැණික් වෙළඳාමේ විනිවිදභාවය සහ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා AI සහ
blockchain තාක්ෂණය උත්තේජනය කිරීමට කැපවී සිටී.