ආණ්ඩුවේ හතක් සජිත් හා එක්වන ලකුණු ?
ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සමගි ජන බලවේගය සමග එක්වීමට සූදානමින් සිටින බව එම පක්ෂය සඳහන් කරයි.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔවුන් දැනටමත් තම පක්ෂය සමඟ එක්වීමට එකඟතාවයකට පැමිණ ඇති බවයි.
ඔවුන් එක්කර ගැනීමෙන් පසුව පැවරෙනු වගකීම් සම්බන්ධයෙන් මේ දිනවල අවසන් වටයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද හෙතෙම පැවසීය.
දැනටමත් ආණ්ඩුව නියෝජනය කරන ලද මන්ත්‍රීවරැන් පිරිසක් සමග ජන සන්ධානයට සහයෝගය ලබා දෙමින් සිටින බවද ඔහු කියා සිටියේය.
ඉදිරි දින කීපයේදී සමගි ජන සන්ධානය එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කරමින් ඇති බවත් ඉදිරි සියලු මැතිවරණ වලට තරඟ වදින්නේ එම සන්ධානය යටතේ බවත් මහ ලේකම්වරයා තවදුරටත් පැවසුවේය.