මට කරන අපහාස දරාගන්න අමාරුයි – ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමාජ මාධ්‍යවලට එරෙහිව නඩු මගට ?

තමන්ට සමාජ ජාල ඔස්සේ අපහාස කරන්නේ යැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානමක ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ඔහු තම සමීපතම දෙතුන් දෙනකුගෙන් අදහස් විමසා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ එවන් ක්‍රියාවලියකට ගියොත් සමාජ ජාලාවල පිරිස් තවදුරටත් කොප වී ප‍්‍රතිචාර දක්වනු ඇති බවයි.

තමන්ටත් තම පවුලේ අයටත් දෙමව්පියන්ටත් ඉතා සාහසික ලෙස සමාජ ජාල ඔස්සේ බැන වැදීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලිය අවසානයේ සිටම මේ දක්වාම දැඩි නොසන්සුන්තාවයකින් පසුව ඇත.

දිගින් දිගටම  ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන අසාර්ථකත්වයත් එම අසාර්ථකත්වය දිගටම පවත්වාගෙන යෑමට ඔහුගේ භූමිකාවත් සම්බන්ධයෙන් සමාජ ජාල විවේචන එල් වෙමින් ඇත.

කෙසේ වෙතත් ඔහු උපදෙස් පැතූ අයගෙන් ඇතැමුන් පෙන්වා දී ඇත්තේ සමාජ ජාල වල මට්ටු කිරීමට යාමට වඩා කළ යුත්තේ හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවය.

එවිට අද බනින අය හෙට හොඳ කියනු ඇති බවද මෙම පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ වන තෙක් ඔහු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කර නැත

උපුටා ගැනීම – Lanka C News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »