දිනුවට පස්සේ ජනාධිපති ධූරය මම ගමට ගේනවා – සජිත්ගෙන් සහතිකයක්

තමන් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනාධිපති ධුරය ගමට අනිවාර්යයෙන්ම ගෙන එන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඕනෑම පුද්ගලයෙකුට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ රටේ ජනාධිපති සමග සම්බන්ධ වී සංවාදයක් ඇති කරගෙන තම ගැටළුවට විසඳුම් ලබා දෙන යුගය අරඹන බවද හෙතෙම කියා සිටියේය.

මාතලේදී පැවති සමඟි ජන බලවේග ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ ලෝකයේ ඇති සියලුම දානපති රටවල් සමඟ හරි හරි හරියට සාකච්ඡා කර මෙරටට උපරිම ආයෝජන හා ප්‍රතිලාභ ගෙන්වා ගන්නා බවද ඔහු එහිදී තවදුරටත් පැවසුවේය.

මේ අතර සක්වළ හා හුස්ම වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් දැනුවත් කිරීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.

එහිදී මල්වතු මහ නාහිමියන් විසින් ලබා දුන් පෑනක් පිළිගනිමින් ඔහු කියා සිටියේ තමන් ජනාධිපතිවරණයේ නාම යෝජනා සඳහා අත්සන් තබන්නේ එම පෑනෙන් බවය

Lanka C News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »