වැල් පාලමේ ගිය රනිල්ට හිත ගිය අය තුන් ගුණයකින් නගී!

ආණ්ඩුව පිළිබඳව ජනතා කැමැත්ත පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වන ලද ‘රට හිතන හැටි’ සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වී තිබෙනවා.

පෙබරවාරි මාසයේදී සියයට 7 ක්වූ ආණ්ඩුව පිළිබඳ ජනතා කැමැත්ත ජූලි මාසය වනවිට සියයට 24 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ.

එසේම වර්තමාන ආර්ථික තත්වය යහපත් හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට විශ්වාස කරන පිරිසද පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළා. පෙබරවාරි මාසයේදී වර්තමාන ආර්ථික තත්වය යහපත් මට්ටමක පවතින බවට සියයට 9 ක ප්‍රමාණයක් විශ්වාස කළ බවත්, එය ජූලි මාසයේදී සියයට 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ.

මේ අතර රටේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කරන පිරිස තුන්ගුණයකින් ඉහළ ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »