සජිත්ට ජීවිත තර්ජනයක්? ආරක්ෂාව වැඩි කරන්න ඉල්ලීමක්!

විපක්ෂ නායක, සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් විසින්.

ඒ අනුව, කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පසුගිය 12 වෙනිදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තුවට කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »