වරෙන්තු පිට සිටින අලි සබ්‍රි උත්සවයක ප්‍රධාන අමුත්තාට ගිහින්!
කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ඊයේ (16) දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සඳහා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී සිටි බව ජනතාව පවසනවා.
කල්පිටිය නගරය මධ්‍යයේ විශේෂ ගරු බුහුමන් සහ පොලිස් ආචාර මැද මන්ත්‍රීවරයා උත්සව භූමිය කරා කැටුව ගිය බවයි වාර්තා වන්නේ.
කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකණයේ පවරා ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථා තුනකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අධිකරණය මගහැර තිබුණා.
අදාළ රාජ්‍ය නොවන සංවිධානයට අයත් ගොඩනැගිල්ලකට සාපරාධී ලෙස ඇතුලුවීම, දේපල අනර්ථය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වග උත්තරකාර මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ මන්ත්‍රීවරයා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවත්, ඔහු ඉතා ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
– ලංකාදීප පුවතක් ඇසුරිනි.