සජිත් භාරගන්න ගියපු රට රනිල් පස්ස දොරෙන් ඇවිත් ගත්තා – හර්ෂ ද සිල්වා
රට ආර්ථික අර්බුදයකට පත්වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රට භාර නොගෙන පැන ගියේ යැයි එල්ල වන චෝදනාව අසත්‍ය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
2022 මැයි මස 09 වැනිදා තමන් සහ ඉරාන් වික්‍රමරත්න, කබීර් රෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර යන සිව් දෙනා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී බල හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ඔහු පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා දැනගත හැකි බවද ඔහු සඳහන් කළා.
එම සාකච්ඡා එසේ ඉදිරියට යන අතරවාරයේ වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පස්ස දොරෙන් පැමිණ අග‍්‍රාමාත්‍ය ධුරය භාරගත් බවයි ඔහු චෝදනා කළේ.
පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.