ඥාානසාර හිමියන්ට ඇප!

බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීමට වරදකරු වීම හේතුවෙනුයි පසුගිය මාර්තු 28 වැනිදා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණේ.

උන්වහන්සේගේ නීතිඥයින් විසින් කොළඹ මහාධිකරණය වෙත මීට පෙර අවස්ථාවක ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »