“අපි වංචාව, දූෂණය අවම කරනවා” – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

තාක්ෂණික විප්ලවයක් හරහා රටේ වංචාව, දූෂණය අවම කිරීමට තමන් කටයුතු කරන බව පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පුද්ගලික වාසි මත දේශපාලන කඳවුරු මාරු කර පාක්ෂිකයින් අසරණ නොකරන ලෙසට තමන් දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු ඉල්ලා සිටින්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) නඩු ක⁣ටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

මේ අතර නාමල් රාජපක්ෂ පසුගියදා සහභාගී වූ අම්බානි පවුලේ මංගල උත්සවය සමාජ මාධ්‍ය තුළ “වෙඩින් එකට හොරු පැනලා” ලෙස උපහාසයට ලක්වීම සම්බන්ධයෙන්ද මෙහිදී නිදහස් මාධ්‍යවේදියෙකු විසින් කෙටි සුහද ප්‍රශ්නයක් යොමු කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය පොලීසියෙන් විමසීමක් කළ යුතු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »