මන්ත්‍රී අලි සබ්‍රි අත්අඩංගුවට!

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

ඒ, රාජ්‍ය නොවන සංවිධානය ගොනු කර ඇති නඩුවකට අදාළව අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුවයි.

කෙසේ වෙතත්, වරෙන්තුවක් තිබියදී පසුගිය දින කිහිපයේම මන්ත්‍රීවරයා විවිධ උත්සව සඳහා ආරාධිතයෙකු ලෙස නිදහසේ සහභාගී වෙමින් සිටින බවට මවුරට අප වාර්තා කළේ මීට දින කිහිපයකට පෙරාතුවයි.

මන්ත්‍රීවරයා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »