මාලිමාවේ වසන්තගෙන් ගුවන්විදුලියේ හඩ්සන්ට මරණ තර්ජන?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහට ජවිපෙ මධ්‍යම කාරක සභික සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ විසින් බරපතල මරණීය තර්ජනයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.
වසන්ත සමරසිංහගේ මරණීය තර්ජනය සඳහ්න් ප්‍රකාශයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර ඒ හේතුවෙන් තමන්ගේගේ ජීවිතය දැඩි අවදානමක පවතින බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.
මැතිවරණයෙන් පසුව ගනුදෙනුව බේරා ගන්නා බවටත්, හඩ්සන් සමරසිංහට රටින් පැන යාමට ඉඩ නොතබන බවත් වසන්ත සමරසිංහ පවසා තිබුණා. රටින් පැන්නත් ඒ රටවල (මාලිමා) කාරයෝ වැඩියි යැයි වසන්ත සමරසිංහ පවසා ඇතැයි සඳහන්.
මෙරට ජ්‍යෙශ්ඨ මාධ්‍යකරුවෙකු වන හඩ්සන් සමරසිංහ ප්‍රවීන මාධ්‍ය පරිපාලකයෙකුද වනවා.
හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ඔහු, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංථාවේ සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ සය වන වතාවටයි.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය මාධ්‍ය තම දේශපාලන නැමියාවන්ට අනුව හැසිරවූ බවට හඩ්සන් සමරසිංහට චෝදනා එල්ල වුණා.