“ඔබේ බලය ධුර කාලය අවසන් වන තෙක් පමණයි” – කාදිනල් හිමිපාණන්ගෙන් සැර ප්‍රකාශයක්!
දැනට පවතින අධිකරණ පද්ධතිය සහ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවන් පිළිබඳව තමන් සතුටු වන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
අධිකරණයට ගරු කිරීමේ සහ ආරක්ෂා කිරීමේ වගකීමක් දේශපාලකයන්ට ඇති බව පවසන උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ඔවුන් එසේ නොකළහොත් ඡන්ද දායකයන් ලෙස තමන් ඇතුළු මහජනතාව එය ඔවුන්ට කියා දීමට සූදානම් බවයි.
“ඔබේ බලය ඔබේ ධුර කාලය අවසන් වනතුරු පමණයි. ඊට පස්සේ ඔබත් අපි වගේම සාමාන්‍ය පිරිසක්. ඊට පස්සෙ අවශ්‍ය නම් ඔබව අධිකරණය හමුවට ගෙන එන්න පුළුවන්. ඒ නිසා හිතන්න එපා බලය ඔබව ආරක්ෂා කරයි කියලා”