පරිස්සමින්..වට්සැප් හැක්වීම රටපුරා ?
වට්ස් ඇප් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇතිබව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.
පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී තිබේ.
මාර්ගගත සාකච්ඡාවකට ඇරයුම් කිරීමේ මාර්ගයෙන් එම කටයුතු සිදුකරන බවට තොරතුරු ලැබී තිබේ.
ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.