“මැන්චෙස්ටර් පෙට්ටියක්ම 1000 ට දෙන්නම් සර්.. ඔන්ලයින් සල්ලි දාන්න ” අඩු මිලට විකුණන බව පවසා මුදල් ගරනා ඔන්ලයින් ජාවාරමක් මෙන්න

විදේශයේ සිට ආනයනය කරන ලද සිගරට් ඉතා අඩු මුදලට ලබා දෙන බව පවසමින් මිනිසුන් මුලා කරන කණ්ඩායමක් පිළිබඳව මවුරට වෙබ් අඩවියට තොරතුරු වාර්තා වෙනවා.

මියගිය පුද්ගලයින්ගේ බැංකු ගිණුම් යොදාගෙන ඔවුන් විසින් මෙලෙස මුදල් එකතු කරගන්නා අතර අවස්ථා කිහිපයකදීම දුරකථන අංකද මාරු කරන බවයි පැවසෙන්නේ.

පැය කිහිපයක් ඇතුළත අදාළ ඕඩරය ලබා දෙන බවත්,ඔන්ලයින් ක්‍රමයට මුදල් තැන්පත් කරන ලෙසටත් ඔවුන් විසින් ගණුදෙනු කරුවන්ට පවසා ඔවුන්ගෙන් මුදල් සොරා ගන්නා බවයි හෙළිව ඇත්තේ.

මැන්චෙස්ටර් වැනි විදෙස් සිගරට් වලට අමතරව,කොරියන් නූඩ්ලස්,ඇපල් ජංගම දුරකථන සහ උපාංග මෙන්ම තවත් අයිතමයන් මෙලෙස අඩු මුදලට අලෙවි කරන බවට ඔවුන් විසින් ප්‍රචාරණය කරනු ලබනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »