සුදු අම්මිලාට සුදු අප්පච්චිලා දෙවි පිහිටයි ! Tiktok ඇප් එක ෆෝන් එකෙන් සදහටම ඉවත්වෙන ලකුණු ?
අමෙරිකාව පුරා ටික් ටොක් තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ ටික්ටොක් හිමිකරුවන් සබඳතා පවත්වන බවට ඇමරිකාව චෝදනා කරන අතර එරට රජය කියා සිටින්නේ මාස 06 ක් ඇතුළත එහි කොටස් විකුණා දැමිය යුතු බවයි.
එමෙන්ම ඉදිරියේදී වෙළඳපොලට එන ඇපල් දුරකථනවලින්ද ටික්ටොක් ඇප් එක ඉවත් කෙරෙනු ඇති අතර දැනට පවතින දුරකථනවලින් එම ඇප් එක යාවත්කාලීන කිරීමේදීද ගැටලු ඇතිවිය හැකියි .
Google සමාගම විසින් ඔවුනට අයත් play store එකෙන් එම ඇප් එක ඉවත් කිරීමේ අවදානයක්ද මතුව තිබෙනවා.