නීති උපාධිය ලද පුතා ගැන රෝහිත තැබූ සටහන

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් තම පුත්‍රයා නීතිවේදී උපාධිය ලැබීම සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“LLB(Hons) Staffordshire University UK නීතීවේදී උපාධිය අද දින ලබා ගත්, මාගේ එකම පුතු අයේෂ් අබේගුණවර්ධන පුතාට, මමත් අම්මත් සුබ පතනවා..!

පියෙකු ලෙස මටත්, මවක ලෙස මාගේ බිරිඳටත්, අයේෂ් අබේගුණවර්ධන පුතා ගැන අද ඇත්තේ මහත් ආඩම්බරයක්. ඒ ඔහු අපේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම නිසයි.

පුතේ, ඔබගේ දක්ෂතාවන් සහ සහජ හැකියාවන් තුළින් මෙතෙක් පැමිණි සාර්ථක ගමන ඉදිරියටත් ගොඩනගමින්, උපන් රටට, දැයට සේවය කිරීමට ශක්තිය සහ ධෛර්ය ලැබේවායි මමත් අම්මත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »