විජයදාස රාජපක්ෂ මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි

කොව්ඩ් වසංගත සමයේදී මුස්ලිම් ජනතාවගේ මෘත දේහ මිහිදන් නොකර අනිවාර්යෙන් ආදාහනයට නියෝග පැනවීමෙන් සිදුවූ අපහසුතාව ගැන මුස්ලිම් ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ, අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් ආදාහනය කිරීමෙන් ඒ ජනතාවට සිදුවූ අපහසුතාවය ගැන සමාව ඉල්ලා සිටීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි ඔහු එහිදී සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »