“ජනතාවගේ මනාපය රට ගොඩගත් ජනපතිට” – බදුල්ලේ චාමර රනිල් සරණ යයි
වසර දෙකක් වැනි කෙටි කලක් තුළ වැටුණු රට ගොඩ ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දැක්වීමට ජනතාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.
ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික වර්ධනය උදෙසා සියලු පාර්ශ්ව එක්ව කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.
බදුල්ල ප්‍රදේශයේ බහුතර ඡන්ද හිමි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බවයි ඔහු කියා සිටියේ.