මහින්දගේ ජනවාරි 8 කුමන්ත්‍රණයේ අතුරු කතාවක් (සමරතුංග කරුණාරත්න ලියයි)

පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණ දුන් අතුරු තහනම් නියෝගය පිළිබඳ සමස්ත සමාජයේ උණුසුමක් පවතින මොහොතක කීර්තිමත් හමුදා නිළධාරියෙකු වන සමරතුංග කරුණාරත්න විශේෂ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“2015 ජනවාරි 08 ද ලංකාවෙ ජනාධිපතිවරණයක් පැවැත්වුනා. 2015 ජනවාරි 09 මැදියම් රැය වෙද්දි මහින්ද රාජපක්ශ දැනගත්ත ඔහු ජනාධිපතිවරණය පරාදයි කියල. කවදාවත්ම බලය අතාරින්න ලේසියෙන් හිත හදාගන්න බැරි කෑදර මහින්ද වහාම කලේ පොලිස්පති, නීතිපති, අග විනිසුරු මොහාන් පීරිස්, ත්රිවිධ හමුදාපතිවරු වගේ පිරිසක් ජනාධිපති මන්දිරයට කැඳවල ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රනයකින් ජනතා මතය පාගා දමන්න.

වහාම මැතිවරණ ප්රථිඵළ නිකුත් කරන එක නවත්තල මහින්ද උත්සාහ කරල තිබුන ඔහුට හිමි අවුරුදු 2 ක ඉදිරි කාලය බලයේ ඉන්න. ඒ සඳහා ඒකාලෙ හිටපු අග්ර විනිශ්චයකාර මොහාන් පීරිස් මහින්දට වාසිදායක තීන්දුවක් දෙන්නත් එකඟ වෙලා තිබුන කියලයි වාර්ථා වෙන්නෙ.

ඒ සඳහා ඔහු වහා හදිසි නීතිය ප්රකාශයට පත් කරල හමුදාව පාරට දාල තගෙන් මහජන විරෝධය මැඩ පවත්වන්න තමයි ප්ලෑන් කරල තිබුනෙ. ඒත් ඔතන හිටිය දේශපාලන හයියෙන් තනතුරු වලට පත් නොවුනු අවංක කෙලින් නිලධාරි දෙන්නෙක්. එක් කෙනෙක් නීතිපති, අනෙකා පොලිස්පති. නීතිපති යුවන්ජන් විජේතිලක කෙලින්ම ව්යවස්ථා රෙගුලාසි පෙන්නල කියල තියෙනව ඒක නීති විරෝධීයි කියල.

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් වහාම සාකච්ඡා මේසෙන් එලියට ඇවිල්ල පොලිසියෙ කළාප භාර ජ්යෝෂ්ඨ නියෝජ්ය පොලිස්පති වරුන්ට මොබයිල් වලින් කතාකරල විස්තර අරගෙන කියල තියෙනව හදිසි නීතිය ප්රකාශ කරන්න තරම් කිසිම කලබලයක් කිසිම පළාතකින් වාර්ථා වෙන්නෙ නෑ කියල.

ඊට පස්සෙ තමයි බල ලෝභී මහින්ද අකුලගෙන ගිහින් කුප්රකට මැදමූලන ජනෙල් පඩිය මත දේශනය තියල තියෙන්නෙ.

මම මේ කතාව ලිව්වෙ ලංකාවෙ ඉහල රාජ්ය තනතුරු සඳහා දේශපාලන පන්දම් වලින් පත්වුන නිලධාරීන්ට කවදාවත්ම නම්බුකාර විදියට ගෙදර යන්න වෙන්නෙ නෑ කියන එක කියන්නයි. එක්කෝ අපකීර්තිමත් විදියට ආන්ඩුවට දේශපාලන වශයෙන් ගැතිකම් කරල හැබැයි සල්ලි ටිකක් නම් හොයාගෙන අපකීර්තිමත් විදියට විසිවෙන්න තමයි වෙන්නෙ.

ඒ නිසා දේසපාලන පන්දමාල වෙලා ඔය ඉහල තනතුරු වලට පත්වෙලා දේශපාලකයින්ගෙ බල ලෝභී ලැදියාවන් වෙනුවෙන් පක්කලිකම් කරල අපකීර්තිමත් ලෙස තනතුරු වලින් වීසි වෙනවට වඩා මොකෙක්ගෙවත් පන්දමෙක් නොවී තනතුරට පත්වෙලා ජනරජයේ ලැදියාවන් වෙනුවෙන් වැඩ කරල එන්. කේ ඉලංගකෝන් වගේ කීර්තිමත් සේවා වාර්ථාවක් සමග ගෙදර යන්න පුළුවන් වෙන්නෙ කීයෙන් කීදෙනාටද?”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »