වියළි කලාපය ගී ගැයුමෙන් තෙත් කල ආශාවරී දියණිවරුන්ගේ ෆේස්බුක් පිටුව හැක් කරලා !

මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුව හැකර් ප්‍රහාරකට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව එහි පැතිකඩ ඡායාරූපද (profile picture)⁣ ඇනෝනිමස් හැකර්වරුන් සංකේතවත් කරමින් වෙනස් කර ඇති අතර විශේෂ සටහනක්ද තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“අහිමි වීම,මිනිසා හට අමතක වු අතීතය සහ තමා කවුද යන්න නැවත ආවර්ජණය කරයි.පාඩම් ඉගෙන ගන්න හැදෙන්න උත්සහ කරන්න.මේ එක් අවවාදයක්.”

ජනප්‍රිය ගීත නව සංගීත රටා මුසු කර ගායනා කිරීම සහ නොයෙක් අවස්ථාවල රසිකයින්ගේ චෝදනා හේතුවෙන් කලින් කලට ආශාවරී සංගීත කණ්ඩායම කරළියට එමින් තිබුණා.

එම සංගීත කණ්ඩායම විසින් රවී රොයිස්ටර් ගායනා කළ “හමාර බණවර” ගීතය රෙගේ ශෛලියෙන් ගායනා කළ එය විකෘති කළැයි සමාජ මාධ්‍ය තුළ කතා බහක් නිර්මාණය වී තිබුණේ මීට සති දෙකකට පමණ පෙරාතුවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »