“හඳුන්කූරු මල්ලී” ගෙනා උෂාන් නැවතත් රිය අනතුරක
Ushan Vlogs හරහා සමාජ මාධ්‍ය තුළ ප්‍රකට උෂාන් වීදියගොඩට අයත් Defender රථය අනතුරට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.
මහනුවර – මහියංගනය මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි සඳහන්.
පැවැති වර්ෂා තත්වයත් සමඟ ඩිෆෙන්ඩරය ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී තිබෙනවා.
අනතුරින් කිසිවෙකු තුවාල ලබා නැහැ.
විවිධාකාර සමාජ සුබසාධන කටයුතු වල නියැලීම හේතුවෙන් උෂාන් වීදියගොඩ සමාජ මාධ්‍ය තුළ කලකට ඉහත වඩාත් කතා බහට ලක් වූයේ ජනප්‍රිය චරිතයක් ලෙසයි. කෙසේ වෙතත් අවස්ථා ගණනාවකදී මුදල් වංචාවන් සහ ව්‍යාජ වීඩියෝ නිර්මාණය කරන බවට ඔහු සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් චෝදනා ලබා සිටිනවා.
මේ අතර, දින ගණනක සිට ඔහුට අයත් Ushan Vlogs ෆේස්බුක් පිටුවද හැක් කිරීමකට ලක්ව ඇතැයි සඳහන්. ඒ අනුව එහි මේ වන විට අඩ නිරුවත් වීඩියෝ පළ කෙරෙමින් තිබෙන බවයි නිරීක්ෂණය වන්නේ.