රෝහිත් දිල්ලි කැපිටල් නායත්වයට ? තිරය පසුපස සිට ගංගුලිගෙන් මෙහෙයුමක්..!

මුම්බායි ඉන්ඩියන්ස් හිටපු නායක රෝහිත් ෂර්මා මෙවර IPL තරඟාවලියේදී දිල්ලි කැපිටල් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමේ සූදානමක් පැවති බව හෙළිවෙනවා.
එහෙත් ඔහුව නිදහස් කිරීමට අම්බානි ප්‍රමුඛ මුම්බායි කණ්ඩායම අකැමති වී ඇති අතර රෝහිත් ෂර්මාද ඒ සඳහා කැමැත්ත පලකොට නැහැ.
නමුත් ඉදිරි වසරේදී ඔහුව සිය කණ්ඩායමට එකතු කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙන්ම සන්රයිසස් හයිද්‍රාබාද්, ගුජරාට් සහ කල්කටා කණ්ඩායම් සලකා බලමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
හිටපු ඉන්දීය නායක සව්රව් ගංගුලි දිල්ලි කැපිටල් කණ්ඩායමට ඔහුව එකතු කර ගැනීමට දැඩි උත්සාහයක් දරන බවයි පැවසෙන්නේ.