SDIG පතිනායකට කලින් දෙන්න තිබුණු පොලිස්පති ධුරය කුමන්ත්‍රණයකින් වලක්වලා?

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් එම ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයත් එම තනතුරේ වැඩ බැලීම සඳහා කවුරුන් පත් කරනු ඇත්දැයි සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක හෝ ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරු පිළිබඳව පසුවිපරම් නොකළ බවට චෝදනා ලබා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීයි.
එහිදී, ලලිත් පතිනායකට එරෙහිව පොලිස් කොමිසම වෙත ලබා දී තිබූ වාර්තාවල වලංගුභාවය පිළිබඳවද සැකයක් මතු වී තිබුණා.
පතිනායකට එරෙහි චෝදනා, ඔහු එසමයේ පොලිස්පති ධුරය සඳහා සුදුස්සෙකු වී සිටීම හේතුවෙන් එය වැලැක්වීමට අභ්‍යන්තරව නගා ඇති චෝදනා බවටයි සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වූයේ.